Saturday, October 26, 2013

බලංගොඩ නගරයේ රෙදිපිළි අලෙවිසලක් ගිනි ගනී

බලංගොඩ නගරයේ ප්‍රධාන වීදියේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට පිහිටි රෙදිපිලි අලෙවිසලක් සෙනසුරාදා (26) උදේ හදිසියේ ගිනි ගන්නට පටන් ගැනීමත් සමග මුළු නගරයම නොසන්සුන් තත්ත්වයට පත් වී තිබේ. දැවැන්ත වාහන තදබදයක් නගරය පුරා පවතී.

අවට වෙළෙඳසල්වලට ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා මේ වනවිට බලංගොඩ නගර සභාවේ ගිනි නිවන රථ,බලංගොඩ පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ සිටී.

කැසිනෝ ඕනෑ කැසිනෝ එපා ඇමැති මණ්ඩලයේ කචල්

වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, මර්වින් සිල්වා, ජගත් පුෂ්පකුමාර, මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන් සහ පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ යන ඇමැතිවරුන් අතර කැසිනෝ පනතට අදාළව පසුගිය 24දා අමාත්‍ය මණ්ඩලයේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙහිදී අදාළ ඇමැතිවරුන් දෙපැත්තට බෙදී ආවේගශීලී ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. කැසිනෝ පනත හෙවත් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින්ද සමන්විත සුපිරි හෝටල් දෙකක් ඉදිකිරීම පිළිබඳ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත එදින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

Thursday, October 24, 2013

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා පැවසුවේ, ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සෞදි රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මැති ඇමතිවරු වැඩි වෙන්නේ කැස්බෑවෝ බිත්තර දමනවා වගේ

මේ රටේ මැති ඇමතිවරු වැඩි වෙන්නේ කැස්බෑවෝ බිත්තර දමන ආකාරයට බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය වී ඇත්තේ ආණ්ඩුවේ හෙන්චයියලන් පෝෂණය කිරීම මිස ජනතාවට සේවය කිරීම නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

එසේම සූදුවට මුල්තැනදීම පමණක් දැනට පවතින ආණ්ඩුවට උවමනා වී ඇති බවත්, මෙරට තුළ කැසිනෝ ව්‍යාපාරය ස්ථාපිත කිරීමෙන් පසුව ගණිකා වෘත්තීයද ස්ථාපිත වෙනු ඇති බවත් එය තමන්ට හුණා කියන්නා සේ කිව හැකි බවද හෙතෙම අවධාරණය කරන ලදී.

පළමු වන රාජසිංහ රජුගේ මාලිගය සොයා ගැනේ

සීතාවක බලකොටුවේ කැණීම්වලින් පළමු වන රාජසිංහ රජුගේ මාලිගයේ නටබුන් හමු වී තිබේ.

සබරගමුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා සඳහන් කළේ, මේ වන විට මාලිගයේ ගල් පඩි පෙළක නටබුන් හමු වී ඇති බව ය.

කැණීම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

Notice on ousted. CJ Shirani Bandaranayake | Breaking News

ශිරාණි බණ්ඩාරනායකගේ නඩුවට මැදිහත්වෙන්න ඉඩ දෙන්න බැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට  මැදිහත් වීමට ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති කවුන්සිලය හා එංගලන්තයේ වේල්ස්හි මානව හිමිකම් පිළිබඳ නීති කවුන්සිලය කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (23) ප්‍රතික්‍ෂේප කළේය. එම්.මර්සුක්, චන්ද්‍ර ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර හා රෝහිණී මාරසිංහ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුණි.

Friday, October 18, 2013

නිවුන් සොහොයුරෝ මැණික් ගඟට බිලි

සෙල්ලකතරගම මැණික් ගඟේ දියනෑමට ගිය 8 හැවිරිදි නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු ඊයේ (17) වැනි දින දියේ ගිලී මියගොස් ඇත. ඇල්පිටිය ප්‍රදේශයේ කුරුදුගහ 8 කණුව පදිංචි මෙම දරුවන් ඇල්පිටිය අනුරුද්ධ කනිටු විදුහ‍ලේ 3 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

Thursday, October 17, 2013

නගර 4ට ආපදා ගැන පුර්ව සුදානම් වීමේ සැලැස්මක් හඳුන්වාදෙයි

මෙරට නගර 4ක් සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ පූර්ව සූදානම් වීමේ සැලැස්මක් හඳුන්වා දිමට තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසින් මෙම සැලැස්ම ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව රත්නපුර, බලංගොඩ, මඩකලපුව සහ කල්මුනේ යන නගර මේ සඳහා තෝරාගෙන තිබේ.

අමෙරිකාව යළි සක්‍රීයයි

අක්‍රීය කර තිබුණු අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය කිරීමට එරට කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව සතියකට වැඩි කාලයක් අක්‍රීයව පැවති අමෙරිකානු ආණ්ඩුව යළි බලාත්මක කිරීමටත්,ජනාධිපති බැරක් ඔබාමා විසින් ඉදිරිපත් කරන ලද සුබසාධනවාදී යෝජනාවට කෙටිකාලීනව සහය ලබාදීමටත් කොංග්‍රසය එකඟ වී තිබේ.

Tuesday, October 15, 2013

මංගල අත්අඩංගුවට

එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස, පැවති විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් සැකපිට මංගල සමරවීර මහතා ඇතුළු තිදෙනෙක් සුළු මොහොතකට  පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: