Saturday, October 5, 2013

විදේශ ගමන් බලපත්‍රයට අලුත් මූණක්

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඡායාරූපයක් සහිතව ලබන වසරේ සිට නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන හා විගමන පාලක ජනරාල් ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පවසයි.

ඒ අනුව ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබාගැනීම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලාවලට පමණක් සීමා කිරීමට නියමිතය.

ඡායාරූපශාලා ලියාපදිංචිය මේ වන විට ආරම්භ කර ඇති අතර www.immigration.gov.lk යන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කළ හැකිය.

ඒ සඳහා අයඳුම්පත් බාරගැනීම ඔක්තෝබර් 15 වන දිනෙන් අවසන් කරන අතර 0115- 731 028 යන දුරකථන අංකය ඔස්සේ වැඩි විස්තර ලබාගත හැකිය.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: