Thursday, October 24, 2013

පළමු වන රාජසිංහ රජුගේ මාලිගය සොයා ගැනේ

සීතාවක බලකොටුවේ කැණීම්වලින් පළමු වන රාජසිංහ රජුගේ මාලිගයේ නටබුන් හමු වී තිබේ.

සබරගමුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා සඳහන් කළේ, මේ වන විට මාලිගයේ ගල් පඩි පෙළක නටබුන් හමු වී ඇති බව ය.

කැණීම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

මායාදුන්නේ රජුගේ පුත්‍රයෙකු වූ ටිකිරි බණ්‌ඩාර කුමරු හෙවත් පළමු වන රාජසිංහ රජු සීතාවක රාජ්‍යයේ පාලකයා ලෙස කටයුතු කළ අතර පසුව මහනුවර රාජ්‍යයේ පාලකයා බවට පත් විය.

පෘතුගීසීන්ට එරෙහිව විවිධ සටන් මෙහෙය වූ ඔහු ක්‍රිස්තු වර්ෂ 1581 ත් 1593 ත් කාලයේ රජකම් කළ බවට සාධක හමු වී තිබේ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: