Thursday, October 24, 2013

Notice on ousted. CJ Shirani Bandaranayake | Breaking News

ශිරාණි බණ්ඩාරනායකගේ නඩුවට මැදිහත්වෙන්න ඉඩ දෙන්න බැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට  මැදිහත් වීමට ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති කවුන්සිලය හා එංගලන්තයේ වේල්ස්හි මානව හිමිකම් පිළිබඳ නීති කවුන්සිලය කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (23) ප්‍රතික්‍ෂේප කළේය. එම්.මර්සුක්, චන්ද්‍ර ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර හා රෝහිණී මාරසිංහ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුණි.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් සර්ටියෝරාරි රිට්ආඥාව ඉවත් කරනැයි ඉල්ලා නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ගොනුකළ පෙත්සමට මැදිහත් පෙත්සම් 2ක් ලෙස මෙම පෙත්සම් ගොනුකර තිබුණි. එක්සත් රාජධානියේ ව්‍යවස්ථාව පදනම් කරගෙන මෙම ඉල්ලීම සිදුකරන බව නීතිඥ විරාන් කොරයා  මහතා අධිකරණයට දැන්වීය.

මෙම පෙත්සම් සඳහා දෙපාර්ශ්වයේ අදහස් දැක්වීමට නයිගර් හැච්, සුරේනි ප්‍රනාන්දු, විරාන් කොරායා, නීතිපති පාලිත ප්‍රනාන්දු, සංජය රාජරත්නම් නෙරිල් පුල්‍ලේ හා සෆරුල්ලා යන නීතිඥවරුන් පෙනී සිටියහ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: