Thursday, October 24, 2013

මැති ඇමතිවරු වැඩි වෙන්නේ කැස්බෑවෝ බිත්තර දමනවා වගේ

මේ රටේ මැති ඇමතිවරු වැඩි වෙන්නේ කැස්බෑවෝ බිත්තර දමන ආකාරයට බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය වී ඇත්තේ ආණ්ඩුවේ හෙන්චයියලන් පෝෂණය කිරීම මිස ජනතාවට සේවය කිරීම නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

එසේම සූදුවට මුල්තැනදීම පමණක් දැනට පවතින ආණ්ඩුවට උවමනා වී ඇති බවත්, මෙරට තුළ කැසිනෝ ව්‍යාපාරය ස්ථාපිත කිරීමෙන් පසුව ගණිකා වෘත්තීයද ස්ථාපිත වෙනු ඇති බවත් එය තමන්ට හුණා කියන්නා සේ කිව හැකි බවද හෙතෙම අවධාරණය කරන ලදී.

මෙමගින් රටේ පවතින ඩොලර් සංචිත පවා පිට රටට යන බවත්, කැසිනෝ ව්‍යාපාරය හේතුවෙන් ලංකාව තුළ තව තවත් පාතලය රජ කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

එසේම කැසිනෝ ක්‍රීඩාව මෙරටේ ජනතාවට තහනම් කිරීමටද සුදානම් වන බව කියමින් ආණ්ඩුව බයිලා ගසන බවත්, අද කොළඹට කැසිනෝ 04ක් ස්ථාපිත කර හෙට දිනයේදී මහනුවර සහ අනුරාධපුර වැනි පූජා නගර වල පවා එය ස්ථාපිත කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

තවද මේ වන විට අනුරාධපුර නගරයේ සම්බාහන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඇති බවත්, එ.ජා.ප. කැසිනෝ ව්‍යාපාරය සඳහා සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ මහතා එහිදී පැවසීය.

මෙ‍රටේ සංකෘතික ඇමති සිටින්නේ වන්නිල ඇත්තන් සඳහා බුලත් පුවක් ආදිය රැගෙන යෑමට බවත්, එතනෝල් සහන දිය යුතු බව ඊයේ(22) දිනයේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය විසින් තර්ක කළ බවත් ඔහු සඳහන් කළේය.

එසේම ලංකාව වැඩියෙන්ම ආදායම් ලබන්නේ මැද පෙරදිග බැල මෙහෙවරකම් කරමින් බවද ඒ මහතා පැවසීය.

කකුළුවා වතුර රත්වෙන විට කෑගනවා වාගේ මේ ආණ්ඩුවත් එසේම බවත්, ආණ්ඩුව වෙනස් කිරීමේ කාලය දැන් පැමිණ ඇති බවත් හෙතෙම කීවේය.

‍එම මාධ්‍ය හමුව අමතිමින් එ.ජා.ප. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලික් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීම සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නොකළ බවත්, මෙමගින් 25% පාඩුවක් එක් මාර්ගයකින් ලබන බවත්ය.

මේ රටේ සීනි ඇමතිකම් ලබා දුන්නා සේ පැණි සහ හකුරු ඇමතිකම් ලබා දුන්නානම් ‍තවත් සතුටු විය හැකි බවද ‍හෙතෙම වැඩිදුරටත් කීවේය.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: