Thursday, October 17, 2013

නගර 4ට ආපදා ගැන පුර්ව සුදානම් වීමේ සැලැස්මක් හඳුන්වාදෙයි

මෙරට නගර 4ක් සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ පූර්ව සූදානම් වීමේ සැලැස්මක් හඳුන්වා දිමට තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසින් මෙම සැලැස්ම ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව රත්නපුර, බලංගොඩ, මඩකලපුව සහ කල්මුනේ යන නගර මේ සඳහා තෝරාගෙන තිබේ.

අදාළ ආපදා කළමණාකරන සැලැස්ම මෙම මස 21වන දින නිල වශයෙන් දියත් කිරිමට සැලසුම් කර ඇති අතර මෙම නගර සඳහා වෙන වෙනම සැලසුම් 4ක් ක්‍රියාවට නංවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

අදාළ ආපදා කළමණාකරන සැලැස්ම ලබන වසරේදී තවත් නගර 4ක ක්‍රියාත්මක කිරිමට නියමිත අතර මුලතිව්, වව්නියා, මන්නාරම සහ අක්කරපත්තු එම නගර 4යි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ආපදා පුනර්ජීවන නගර සංවර්ධන උපායමාර්ග ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලද්දේ 2012 සහ 2013 වසර සඳහායි.

එහි ඉලක්කය තිරසාර ආපදා කළමණාකරනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවත් විමට සුදුසු නගර පද්ධතියක් බිහි කිරීම බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: