Thursday, October 17, 2013

අමෙරිකාව යළි සක්‍රීයයි

අක්‍රීය කර තිබුණු අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය කිරීමට එරට කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව සතියකට වැඩි කාලයක් අක්‍රීයව පැවති අමෙරිකානු ආණ්ඩුව යළි බලාත්මක කිරීමටත්,ජනාධිපති බැරක් ඔබාමා විසින් ඉදිරිපත් කරන ලද සුබසාධනවාදී යෝජනාවට කෙටිකාලීනව සහය ලබාදීමටත් කොංග්‍රසය එකඟ වී තිබේ.

එරට ජනාධිපතිවරයා විසින් කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරාජයට පත්වීම හේතුවෙන් දින 16 ක කාලයක් අමෙරිකානු ආණ්ඩුව අක්‍රීයව පැවතිනි.

මේ හේතුව නිසා ලක්ෂ 8 ට ආසන්න රජයේ සේවකයින් පිරිසක් රැකියා විරහිතව සිටි අතර ඒ පිරිස අද සිට යළි සක්‍රීය සේවයේ යෙදෙන අතර ඉකුත් කාලයට අදාළව ඔවුන්ට හිඟ වැටුප් ලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: