Sunday, October 13, 2013

මහනුවර රෝහලේ වෛද්‍යවරයාගේ ටැබ් පරිගණකයට විදියි

මහනුවර මහ රෝහලේ සේවය කරන භූතාන ජාතික වෛද්‍යවරයෙකුගේ රුපියල් එක්ලක්ෂ 20,000ක් පමණ වටිනා ටැබ් වර්ගයේ පරිගණකයක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් තිබේ.

රෝහලේ වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවේ විවේකාගාරයේ තිබී එම ටැබ් වර්ගයේ පරිගණකය කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවට එකී වෛද්‍යවරයා මහනුවර පොලීසියට පැමිණිලි කර ඇත.

අදාළ වෛද්‍යවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පුහුණුව ලබා වැඩිදුර වෛද්‍ය අධ්‍යයන කටයුතු සඳහා මහනුවර රෝහලට අනියුක්තව සේවය කරන බව සදහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: