අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ මෑණියන් වන චාලට් වීරතුංග ආරච්චිගේ මහත්මිය රෝගාතුර තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
මේ වනවිට අසූහත් වැනි වියෙහි පසුවන ඇය මීට දින කිහිපයකට පෙර දී නිවසෙහි ලිස්සා වැටීමෙන් පාදයකට බරපතල හානි සිදු වී ඇත.
ගංගොඩවිල සෝම හිමියන් මෙරට බොදු පුණර්ජීවනය උදෙසා අතිමහත් කැප කිරීමක් කළ යතිවරයෙකු ලෙස ගෞරවාදරයට පත් අතර උන්වහන්සේගේ මෑණියන් කෙරෙහිද මෙරට ජනතාව සුවිශාල ගෞරවයක් හා ආදරයක් දැක්වූහ. රෝගාතුරව සිටින ඇය මේ වනවිට කඩුවෙල, කොතලාවල, අංක 283 දරන ලිපිනය පිහිටි නිවසේ සිටී.