Friday, September 20, 2013

කෝටි ගණන් ඔට්ටු වැටෙන වයඹ ඡන්දේ


කට්ටියටම මතකයිනේ දයාසිරි ජයසේකර කුරුණෑගලින් වැඩිම මනාප ලබලා වයඹ මහා ඇමති වෙන බවට එතුමාගේ ලගම ආධාර කරුවෙක් නැත්නම් අංක එකේ අනුග්‍රාහකයෙක් රුපියල් කෝටියක ඔට්ටුවක් අල්ලන බවට කල කතාව.

ඔන්න දැන් ඉතින් ජොන්ස්ටන් ඇමති තුමාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු මහතා වැඩිම මනාපයෙන් වයඹ මහ ඇමතිවරයා බවට පත් වෙනවා කියල එතුමාගේ ලගම ආධාර කරුවෙක් රුපියල් කෝටි හතරක ඔට්ටුවක් අල්ලන් ලෑස්තියි කියල අභියෝගයක් කරලා.

මේ ඡන්ද පොරේ මනාප ගන්න හරි හරියට ඔට්ටුවෙන කට්ටියට ලබන 22 හවස් වෙන කොට තමයි දැනගන්න ලැබෙන්නේ කවුද මහා ඇමති කියල එතකන් කොටි ගණන් ඔට්ටු අස්සේ වයඹ ඡන්දේ මනාප පොරේ දිහා  අපි බලාගෙන ඉඳිමු.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: