Thursday, September 5, 2013

සීනිගම විමලබුද්ධි විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

හික්කඩුව - සීනිගම විමලබුද්ධි විද්‍යාලය ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුපාරේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

එම විද්‍යාලයට පත්කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඉතා කෙටි කළක් තුළ ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් අද(05) පෙරවරුවේ සිට මව්පින් උද්ඝෝෂණයේ නිරතව සිටියි.

උද්ඝෝෂකයින් පවසන්නේ මෑතකදී විද්‍යාලයට පත්කළ තෙවන විදුහ්ලපතිවරයාට ද ස්ථාන මාරුවක් ලබාදී ඇති බවයි.

ගාලු පාර අවහිරවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන කහව, මීටියාගොඩ හරහා නැවතත් ගාලු පාරට පිවිසිය හැකි අතර හික්කඩුවෙන්, බද්දේගම, මීටියාගොඩ හරහා ඇති මාර්ගය ද භාවිත කළ හැකියි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: