Thursday, September 5, 2013

සතොසේ ගින්න හිතාමතා කළ එකක්

රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි

කොම්පඤ්ඤ වීදිය වෝක්ෂෝල් වීදියේ පිහිටා ඇති සතොස මූලස්ථාන ගොඩනැගිල්ලෙහි ගින්න ගිනි තැබිමක් බව හෙළි වී තිබේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද මේ වන විට එය තහවුරු කර ඇත. රජයේ රස පරීක්ෂකවරයාගේ නිගමනය වී ඇත්තේ වහා ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් භාවිතා කර එය හිතාමතාම කළ ගිනි තැබිමක් බවය.

ගින්නෙන් හත්වෙනි මහළ විනාශ වුවත් වැදගත් කිසිදු ලියැවිල්ලක් හෝ ‍ලේඛනයක් විනාශ වී නැත. කොම්පඤ්ඤවීදිය ‍පොලීසියේ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ සෑම ‍ලේඛනයකම අමතර පිටපතක් තවත් ස්ථානයක තිබි ඇති බවත් ලිපි‍ලේඛන විනාශ වී නැති බවය.

ගණනය කර ඇති ආකාරයට අනුව ගින්නෙන් වී ඇති හානිය රුපියල් කෝටි 02 ඉක්මවනු ඇත. එයින් එක් කෝටි විසිපන් ලක්ෂයක්ම ගෘහ භාණ්ඩවලට සිදු වී ඇති හානි වේ. විදුලි පද්ධතියට වී ඇති හානිය රුපියල් එක්ලක්ෂ තිස් පන්දහසක් වන අතර වායුසමනය පද්ධතියට වී ඇති හානිය රුපියල් ලක්ෂ 15කි. ඊට අමතරව රුපියල් ලක්ෂ 02, ලක්ෂ 07, ලක්ෂ 06, ලක්ෂ 01 ආදී වශයෙන් තවත් හානි කිහිපයක් වාර්තා වී තිබේ.
මෙම ගිනි තැබිමට වගකිව යුත්තන් හඳුනාගැනීමට කොම්පඤ්ඤවීදිය ‍පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය එක්ව විමර්ශනයක් ඊයේ (04) වන විට ආරම්භ කර තිබිණි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: