මධ්‍යම කදුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන්-නුවරඑළිය මාර්ගයේ ඝණ මීදුම් තත්ත්වයක් පවතින බව අප වාර්තා වේ.මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද දැඩි බාධා එල්ලවී ඇත.
මේ නිසා මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉතා කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.
වාහන ධාවනය කිරීමේ දී ඉදිරිපස ලාම්පු දල්වා වාහනය ධාවනය කරන ලෙස ද පොලිසිය දැනුම් දෙයි.
