Saturday, September 21, 2013

ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසන් - උතුරෙන් කැපී පෙනෙන උද්යෝගයක්

උතුරු, මධ්‍යම, වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීමේ කාලය අවසන් වෙයි. අද දිනයේ දී පළාත් තුනෙහිම ඡන්ද ප‍්‍රකාශ කිරීම 50% ඉක්මවා ඇතැයි වාර්තා වෙයි.

උතුරු පළාතේ මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, යාපනය දිස්ත‍්‍රික්වල ඡන්දය ප‍්‍රකාශ කිරීම 50-60% අතර ප‍්‍රතිශතයක පැවැතිණ.

වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත‍්‍රික්වල 48-55%ත් අතර ප‍්‍රතිශතයක් ඡනදය භාවිත කළ බව වාර්තා වේ.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත‍්‍රික්වල 45-58%ත් ප‍්‍රතිශතයක් ඡන්දය භාවිත කළ බව දැනගන්නට ලැබී ඇත.

ඡන්ද ප‍්‍රතිඵල ගණන් කිරීමේ කටයුතු අද පස්වරු 6ට ඇරඹීමට නියමිතයි.

පළාත් සභා මැතිවරණයේ මුල්ම නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය රාත‍්‍රි 8 පමණ වනවිට නිකුත් කළ හැකි වෙතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කරයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: