Tuesday, September 24, 2013

වෛද්‍ය නිර්දේශය රහිතව විකුණන ලිංගික උත්තේජනයක් සොයා පරීක්ෂණ

වෛද්‍ය නිර්දේශවලින් තොරව ලිංගික උත්තේජනය සඳහා ලබාදෙන ඖෂධයක් බහුල ලෙස අලෙවි වන බවට ලැබුණු තොරතුරු මත සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙය ලිංගික බෙලහීනතාවයෙන් යුක්ත පුද්ගලයින්ට ලබාදෙන ඖෂධයක් වන අතර එය වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතය අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මෙම ඖෂධය භාවිත කරන පුද්ගලයින් කාන්තා හිංසනය සහ ස්ත්‍රී දූෂණවලට පොළඹවන අවස්ථා පිළිබඳව ද තොරතුරු ලැබී ඇත.

අධික රුධිර පීඩනයකින් යුත් පුද්ගලයෙකු මෙම ඖෂධය භාවිත කළහොත් ජීවිත අවදානමක් ද පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම නිසා වෛද්‍ය නිර්දේශවලින් තොරව අදාළ ඖෂධය අලෙවිකරන ඔසුසැල් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එවන් ඔසුසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා අතර එම ඔසුසැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: