Friday, October 11, 2013

කොළඹ - මහනුවර වායු සමනය කළ දුම්රියක් යොදවයි

එළඹෙන සතියේ යෙදී ඇති නිවාඩු දින සැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ වායුසමනය කළ දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

වප් පුර පසලොස්වක පොහොය දිනය සහ හජ්ජි උත්සව දිනය හේතුවෙන් ලබන සතිය තුළ දීර්ඝ නිවාඩුවක් යෙදී ඇති අතර මගීන්ගේ ගමන් පහසුව සදහා මෙම දුම්රිය යෙදවීමට තීරණය කළ බව දුම්රිය වානිජ අධිකාරී ජී.ඩබ්ලිව්. එස් . සිසිර කුමාර මහතා පවසයි.

ඒ අනුව ලබන 15 සහ 17 යන දින වල නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය කරවීමට කටයුතු යොදා ඇති අතර අදාළ දින දෙකේ එම දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 05.20 ට පිටත්වීමට නියමිතයි.

එළඹෙන 16 සහ 18 යන දින වල වායුසමනය කළ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරවීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රිය උදෑසන 05.50 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: