Tuesday, September 17, 2013

කැලණි සරසවියේ සිසුන් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නන්ගර ශිෂ්‍ය නේවාසිකාගාරයට කළ පහරදීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් මේ වන විට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් නිරතව සිටී.

සිසුන් දහස් ගණනකින් සැදුම්ලත් පෙළපාලියක් කැළණියේ සිය කොළඹ දෙසට යමින් සිටින අතර මේ වන විට එය පෑලායගොඩ නගරය හරහා ගමන් කරමින් සිටී.

එහෙත් මෙලෙස උද්ඝෝෂණය පැවැත්වීම නීති විරෝධි බව පවසමින් අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇති බවට ආරජචියක් ඇති බවත් උද්ඝෝශනයේ නිරතව සිටින සිසුන් කිහිපදෙනෙක් අප සමග පැවසුවේය.

අදාල පහරදීමට සැකපිට සැකකරුවන් හතරදෙනෙකු බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිටින අතර ලබන විසි වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරතිබේ. එම සිව්දෙනා කැලණිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පැවසේ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: