කම්කරු වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මෙම නව පනත හඳුන්වා දීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාලා පනත මගින් කම්කරු ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොවීම මෙම නව පනත හඳුන්වා දීමේ අරමුණ බව කම්කරු අමාත්‍යංශය සඳහන් කළේය.
අදාළ පනත සකස් කිරීමේ මූලික සාකච්ජා අවසන් කර ඇති අතර ඊට අදාළ නෛතික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතියි.
ජාත්‍යන්තර රටවල ක්‍රියාත්මක කම්කරු ආරක්ෂාව සම්බන්ධ පනත් සැලකිල්ලට ගෙන මෙම නව පනත සකස් කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
