Friday, September 27, 2013

කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් අපවත්වෙයි

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය අලුත්වැව සෝරත නායක හිමිපාණෝ අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

1943 අප්‍රේල් 04 වැනිදා උපත ලැබු සෝරත නායක හිමිපාණෝ අපත්වන විට 70 වන වියෙහි පසු විය.

ශාසනික සහ සාහිත්‍ය සේවාවන් රැසක නිරත වු උන්වහන්සේ අපවත් වන විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද හොබවනු ලැබීය.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: