Friday, September 27, 2013

බර්ටි ප්‍රේමලාල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි

උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා සිකුරාදා (27) දහවල් කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

කාලයක් තිස්සේ ඒ මහතා රෝගාතුරු වී සිටි අතර කොළඹ නිවසේ පසුවෙමින් ප්‍රතිකාර ලබා ගෙන ඇත. උතුරුමැද මහ ඇමැතිවරයා වශයෙන් ඒ මහතා 1999 වසරේ සිට 2012 වසර දක්වා කටයුතු කළේය.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්‍රයා වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන සේවා ඇමැති ධූරය හොබවනු ලැබේ.


දුමින්ද දිසානායක මහතා විවාහ වී සිටින්නේ අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතාගේ දියණියක සමඟින් ය. අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: