Saturday, August 24, 2013

එජාපයේ තවත් මන්ත්‍රීවරයකු ආණ්ඩුවට...

ආර්ථිකය පිළිබඳ නිරන්තරයෙන් කතා කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලසීමාවේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති බොහෝ වාද විවාදවලට සම්බන්ධ වූ මෙම මන්ත්‍රීවරයා මේ වන විට රජයේ ඉහළ පෙළේ පිරිසක් සමග සාකච්ඡා පවත්වන බව දැනගන්නට ලැබිණි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසක්ද උතුරු පළාත් සභා මැතිවරණයට පෙර රජයට එක්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: