Saturday, August 24, 2013

එ.ජාතීන්ගේ සංවිධානයත් මානව හිමිකම් කඩලා

මිනිස් ජීවිතයට හානිකර උග්‍ර වස විස මේ රටේ වගාවන්ට හඳුන්වාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය බවට ස්වර්ණහංස පදනම චෝදනා නඟයි.

රජරට ප්‍රදේශය සේම රට පුරාම පැතිරෙමින් පවතින වකුගඩු රෝගයට නිසැක ලෙසම හේතුවී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් හඳුන්වා දෙන ලද කෘෂි රසායන බව ස්වර්ණහංස පදනම සඳහන් කරයි.

ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ අවධානය මේ පිළිබඳ යොමුකරවන්න ස්වර්ණහංස පදනමේ උනන්දු වේ.

මෙරට වගාවන් සඳහා ජන ජීවිතයට හානි කර උග්‍ර කෘෂි රසායන හඳුන්වාදීමෙන් හා ජනතාව එවැනි කෘෂි රසායනවලට ඇබ්බැහි කරවීමට කටයුතු කිරීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මානව හිමිකම් කඩකිරීමක් කර ඇත්දැයි සොයා බලන ලෙස ඉන් බලකර සිටී.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: