Monday, August 26, 2013

පොලිසිය ‘රට බල්ලෝ’ මඟුල් පෝරුවට නංවයි

විදේශයෙන් ගෙන්වන ලද සුනඛ ජෝඩු තුනක් විවාහ ලියාපදිංචි කර, මඟුල් පෝරුවකට නංවා විවාහ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම මහනුවර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී අද (26) සිදු විණි.

මෙරටදී උසස් වර්ගයේ සුනඛයින් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් ප්‍රථම වරට පිහිටුවීම වෙනුවෙන් මේ සුනඛ විවාහයන් සිදු කෙරිණ.

එහිදී ජර්මනියෙන් ගෙන්වන ලද සුනඛ ජෝඩු දෙකක් මෙසේ ලියාපදිංචි කර විවාහයක් ලෙස මඟුල් පොරුවකට නංවා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු දක්නට ලැබිණ.

පසුව මඟුල් රථයක් ලෙස සකසා තිබුණ පොලිස් ජීප් රථයක මේ විවාහ වුණ සුනඛ යුවළ නංවා ක්‍රීඩාංගණ වටා ගමන් කරන ලදී.

ජර්මන් ෂේපර්ඩ්, රොච් වයලර් ඩොබමන් පිංච ආදි උසස් වර්ගයේ සුනඛ යුවළ මෙලෙස අභිජනනය සඳහා ඊයේ ලියාපදිංචි කෙරිණි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: