Monday, August 26, 2013

නවි පිල්ලෙට එරෙහිව රාවණා බලය සංවිධානය එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා

ජගත් මානව හිමිකම් මහකොමසාරිස් නවි පිල්ලෙට එරෙහිව රාවණා බලය සංවිධානය අද (26) පෙරවරුවේ කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීය.

උද්ඝෝෂකයින් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීම නිසා බාධක යොදා පොලීසිය එය පාලනය කළේය.

මේ අතර දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය අගවිනිසුරු මොහාන් පිරිස්, නීතිපති පාලිත ප්‍රනාන්දු හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමඟ ද අද පෙරවරුවේ සාකච්ජාවක නිරතව තිබේ.



Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: