මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති මැක්ස්වෙල් ප්‍රනාන්දු මහතාගේ මළ
සිරුර විදුහලේ වැසිකිලියක් තුල තිබී සොයාගත් බව පොලීසිය පවසයි.පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව මළ සිරුර අද සොයාගත් බව ය.
මෙය කිසිවකු විසින් කරන ලද ඝාතනයක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න නිශ්චිතය කර ගැනීමට මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.