ගම්පහ නගරයේ පිහිටි මර්චන්ට් ක්‍රෙඩිට් ඔෆ් ශ්‍රි ලංකා නම් වූ මුල්‍ය ආයතනයට කඩා වැදී රුපියල් ලක්ෂ 180ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගත් පස් දෙනෙකුගෙන් යුක්ත කොල්ල කල්ලියේ එක් සැකකරුවකු යැයි කියන පුද්ගලයෙක් අද (23) දහවල් පොලිසිය විසින් නෙලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.මුල්‍ය ආයතනයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබූ කොල්ලකරුවන්ගේ රූපවල ඡායාරූප පොලිස් මූලස්ථානය මගින් ඊයේ (22) දිවයිනේ සියලුම මුද්‍රිත හා විද්‍යූත් ජන මාධ්‍යවලට සපයා තිබිණ.
නිවැරැදි ඔත්තුවක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ දහයක් දක්වා මුදල් ත්‍යාග ලබා දෙන බවත් පොලිසිය නිවේදනය කළේය.
නෙලුවේ දී අත්අඩංගුවට පත් වූ මෙම සැකකරුවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ගම්පහ පොලිසියට භාර දීමට නියමිතය.