Monday, August 26, 2013

ජනපති බෙලරූස් රාජ්‍යයට ළඟා වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙලරූස් රාජ්‍යයට ළඟා විය.

ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ, බෙලරූස්හි මින්ස්ක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ ජනාධිපතිතුමා එරට විදේශ කටයුතු අමාත්‍ය වැලැද්මීර් මකායි මහතා විසින් පිළිගනු ලැබූ බව ය.
එම සංචාරයේදී ජනාධිපතිතුමා බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ අග්‍රාමාත්‍යය මහාචාර්ය මිහායිල් මියස්නිකොවිච් ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවීමට නියමිත ය.

ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මියස්නිකොවිච් මහතා එම ව්‍යාපාර සංසදය ඇමතීමට නියමිත ය.

සංචාරක කර්මාන්ත සංසදයකට සහභාගී වන ජනාධිපතිතුමා බෙලරූස්හි මින්ස්ක් අගනුවර පිහිටි මෝටර් රථ කම්හලක් ද නැරඹීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: