Friday, August 23, 2013

පැන‍ඩෝල් පෙත්ත සිරවී දරුවෙක් මරුට

පැනඩෝල් පෙති ½ ක් උගුරේ හිරවීමෙන් වයස අවුරුදු 1 ½ ක කුඩා දරුවෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත - කරවිටාගාරය පදිංචිව සිටි රංකොත් පේඩිගේ සදෙව් සංකල්ප (1 ½) නම්වු පිරිමි දරුවෙකි.
අද (23) දහවල් මෙම සිදුවීම සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

නිවසේදී ඇතිවු අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති දරුවාට ඔහුගේ මව්පියන් විසින් පැනඩෝල් පෙති ½ තක් පානය කිරීමට දී ඇත.

නමුත් දරුවාට එය පානය කිරීමට නොහැකිව උගුරේ සිරවී ඇති බවත් , අනතුරුව අසාධ්‍යය තත්ත්වයෙන් පසුවු දරුවා එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කළද ප්‍රාථමික සත්කාර ඒකකයේදී දරුවා මිය ගොස් ඇති බවත් සඳහන්ය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: