බලංගොඩ නගරයේ ප්රධාන වීදියේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට පිහිටි රෙදිපිලි අලෙවිසලක් සෙනසුරාදා (26) උදේ හදිසියේ ගිනි ගන්නට පටන් ගැනීමත් සමග මුළු නගරයම නොසන්සුන් තත්ත්වයට පත් වී තිබේ. දැවැන්ත වාහන තදබදයක් නගරය පුරා පවතී.අවට වෙළෙඳසල්වලට ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා මේ වනවිට බලංගොඩ නගර සභාවේ ගිනි නිවන රථ,බලංගොඩ පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ සිටී.









